← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

මහිමේ උස් මණ්ඩලේ

මහිමේ උස් මණ්ඩලේ සුරිදුන්හට අයත්වේ
සුදනන් හට මිහිපිටේ සන්හිඳීම අයත් වේ

අපි ඔබ පසසන්නමෝ ඔබේ ගුණ ගයන්නමෝ
අපි ඔබ නමදින්නමෝ මහිම තෙද වනන්නමෝ

ඔබ මහ මහිමය සදා අපි පින් දෙමු ඔබ පුදා
අහෝ සුර රදාණනේ සකල බලැති දෙවිදුනේ

අහෝ ජේසු සමිදුනේ දිනූ එක් සුතාණනේ
දේව බැටළුවාණනේ පිය සදුන් සුතාණනේ

ලෝ පව් හරුවාණනේ අපට දයා වුව මැනේ
ලෝ පව් හරුවාණනේ යැදුම.ප පිළි ගනු මැනේ

පිය දකුණැ හිඳින්නනේ අපට දයා වුව මැනේ
ඔබමැ හේළිවන නිසා ඔබමැ සමිදු වන නිසා

ජේසු කිතුනි ඔබමැ හා හේළි සුදත් සුරිදු හා
දෙවි සුරුපිය සදුන් හා මහිමයෙන් උතුමි ම හා
ඒ එසේ එසේමැ වේ