දෙවි සමිදුන් හට
දෙවි සමිදුන් හට සුරලොව මහිමය වේවා
දෙවි ජනයා හට මිහිමත සාමය වේවා
දෙවි සමිදාණෙනි සුරලොව රජිදුනි මහ බල දෙවිදුනි පියතුමනී
අපි ඔබ නමදිමු ඔබ හට තුතිදෙමු ජය ගොස පතුරමු මුළු හදිනී
ජේසු කි්‍රස්තුනි, පිය එක සුදනෙනි දෙව් අජබාලක සුර රජුනේ
පාපය මෙලොවින් ඉවතටලන ඔබ අපහට කරුණා කරනු මැනේ
දෙවිපිය දකුණේ තෙදෙස සිහසුනේ වැජඹෙන ඔබ අප යැදුම අසා
යහපත පතුරන සාමය දෙනුමැන එකසත් කළ මැන භේද නසා
පිරිසිදු ඔබමය සමිදුන් ඔබමය සැම බලයම සතු කිතු සමිඳේ
සුදතුන් සමගින් දෙවිපිය මහිමෙන් නිති දින සැම දෙස ඔබ සැරදේ