සගයේ දෙවිදුට
පුන ගැයුම:
සගයේ දෙවිදුට මහිමය වේවා
මිහිමත දනවෙත සාමය වේවා
දෙවි සමිදුනි සුර රජිදුනි බලවතාණනී
ඔබ පසසමු පිය දෙවිදුනි ගුණ සමරමිනී
ඔබ නමදිමු තෙද මහිමේ පළකර සැමදා
තුති පුද දෙමු ඔබේ විපුල මහිමය සඳහා
ඒක ජනිතවු පුතු වන කිතුනි ජේසුනී
අජබාලකයාණන් වන දෙවි පිය පුතුනී
ලෝ පව් දුරලන සමිදුනි වී අනුකම්පා
අපේ යැදුම පිළිගනු මැන කුළුණු ගුණේ පා
සුදතුන් හා පිය මහිමේ වසන ජේසුනේ
පිය දකුණේ සිට අප හට දයා වුව මැනේ
ඔබ පමණය සුදුවනුවෝ ඔබමය සමිඳෝ
ඔබ පමණය එකමැ පරම මහ උතුමාණෝ