← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

සගපුර දෙවිදුට

සගපුර දෙවිදුට මහිමය හිමිවේවා
මිහිමත දනහට සාමය හිමි වේවා //

දෙවි සමිඳේ අප සුර රජිඳේ
සියළු බලැති දෙවි පියාණනේ
අපි ඔබ පසසමු ඔඛෙ ගුණ ගයනෙමු
ඔබ හට වඳිනෙමු මහිමය පසසමු
ඔඛෙ මහිමය සඳහා තුති පුදනෙමු
ඔබ මහ මහිමය නිති දින පසසමු
සගපුර දෙවිදුට......

දෙවිපිය දකුණේ වැඩ වසනා ඔබ
දුබල අපේ අයැදුම් පිළිගත මැන
සුදතුම් සමග ද දෙවිපිය මහිමේ
වැඩවසනා අප කිතු හිමිපාණෙනි
සගපුර දෙවිදුට .....

ඔබය එකම සුදු හිමිපාණෝ
ඔබය එකම හිමි සමිදාණෝ
පරම උතුම් හිමි සමිදුන් ඔබමය
ආ... ආ... ආ... ආ... ආ... ආ... මෙන්