සගලොවේ දෙවිදුට
පුන ගැයුම:
සගලොවේ දෙවිදුට මහිමයත්
මෙලෝ දන හට සාමයත් වේවා
දෙවිදුනී සුර රජිදුනී - මහා බල ඇති දෙවිදුනී
ඔබව පසසමු ඔබට තුති දෙමු - ඔබේ ගුණ කඳ සමරමින්
ඒක පුතුවන කිතුනි ජේසුනි - දේව අජපොව්වානෙනී
ලොවේ පව් දුරලනුයෙ ඔබමය - යැදුමපේ පිළිගනු මැනේ
පියතුමගෙ මහිමයේ වසනා දේව පුත් රජිඳාණෙනි පිය දකුණු
පස වැඩ වසන ඔබ අපට කරුණා කළ මැනේ
සුදතුමන් හා දේව මහිමේ වැඩ වසන කිතු සමිදුනී
එකම දෙවිදුන් පරම උතුමන් සදාවේ අප සමිදුනී