← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

සුරලොවේ දෙවිදුන්

සුරලොවේ දෙවිදුන් හට මහිමය වේවා
මනු ලොවේ සුසිතුන් හට සාමය වේවා
දෙවි ස්වාමිනි සගේ රජිදුනි
සියළු බලැති දෙවි පියාණනි
අපි ඔබ තුම පසසමු, ඔබ ගුණ වනමු
ඔබ නමදිමු ඔබේ මහත් මහිමය සඳහා
ඔබට තුති පුද කරමු
දෙවිදු එකමැ පුතනු සමිදුනි
ජේසු කි්‍රස්තුනි, දෙවි ස්වාමිනි
දෙව් අජපොව්වාණනි, පිය සදුන් සුතාණනි
ලෝ පව් දුරලන ඔබේ
කරුණා නෙත් අප වෙතේ
යොමු කළ මැන හිමි සඳේ
අයැදුම පිළිගනු මැනේ
පියතුම දකුණේ වැඩ වසනා
කළ මැන අපහට ඔබ කරුණා
සුදතුන් සමගින් දෙවිපිය මහිමේ
නිවසන කිතු සමිඳේ
ඔබමයැ එක සුදු තැනැත්තාණෝ
ඔබම යැ එක සුර සමිදාණෝ
ඔබමයැ එක අති උතුමාණෝ ආ.......මෙන්