සගේ දෙවිදුනට
සගේ දෙවිදුනට මහිමය වේවා
මෙලෝ සුසිතුනට සාමය වේවා
දෙවි සමිදුනි සුර රජාණනි
සියලු බලැති දෙවි පියාණනි
අපි ඔබ පසසමු ඔබ ගුණ වනමු
නමදිමු මහිමය පළකරමු
ඔබ සතු මහ මහිමේ නිසා
ඔබ හට නිති තුති පුද කරමු
ඒක ජනිත පුත් ජේසු සමිදුනේ
දේව බැටෙළු පොව්වාණනේ
ලෝ පව් දුරලන කිතු සමිඳේ
පිළිගනු මැන මේ යැදුම අපේ
වැඩ වසනා ඔබ පිය දකුණේ
අප හට කරුණා කරනු මැනේ
සුදතුන් සමගින් දෙවි පිය මහිමේ
නිති වැඩ වසනා ජේසු සුරිදුනේ
ඔබ පමණය පිරිසුදු වනුවෝ
ඔබ පමණය සමිඳෝ
ඔබ පමණය අති උතුමෝ