← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

සුරලොවේ සුර පියේ

සුර ලොවේ සුරපියේ අසනු අප යැදුම් අනේ //

දින දින ඔබ නම ලොව සැම තැන පැතිරෙවා
ඔබ රජකම සැම දන හට සෙවන ගෙනේවා

ඔබ රිසි දෙය සුරලොව මෙන් මෙහි ඉටුවේවා
අප කුස ගිනි නිවාලන්න අහර ලැබේවා

මට කළ වරදට අනුනට සමාව දෙමි මා
මම කළ වරදට මා හට සමාව ලැඛෙවා

සැම විට වරදට පෙළඹෙන මා ගැන සලකා
උවදුරු සැම ජය ගන්නට සරණය ලැඛෙවා