සගයෙ වසන
සගයෙ වසන අපගෙ පියේ ඔබ අප.තර වැජඹෙවා
ඔබ අප.තර වැජඹෙවා සගයෙ වසන අපගෙ පියේ
සියලු සතුන් හද ඔබ නිති රජයේවා //
සැලසුම ඔබ ලොවැසි මගින් සපිරෙවා
සුරලොව මෙන් සපිරෙවා
සගයෙ වසන අපගෙ පියේ
දිවියට අප අහර සැමදා දෙනු මැනා //
අනුන් වරද කෙලෙස කළෙමු අපි සමා
එලෙස අපට වනු සමා
සගයෙ වසන අපගෙ පියේ
දුබල වූ අප පිරික්සුමෙහි නොයොදවා //
සැම නපුරෙන් නිති ඔබ අප රකිත්වා
නිති ඔබ අප රකිත්වා
රජය බලය මහිමය නිති ඔබටම හිමි වේවා
ඔබටම හිමි වේවා
සගයේ වසන අපගෙ පියේ