← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

සුරලොවේ පියාණනී

සුරලොවේ පියාණනී
ඔබගෙ නම දිනේවා

ඔබගෙ රජය දින දින ලොව සැම තැන පැතිරෙවා
ඔබගෙ පැතුම සුරලොව ලෙස මෙලොවද සිදුවේවා

අපගෙ දිනපතා අහරය අපට අද ලැබේවා
වරද කමන අපගෙ වරද අපට කමා වේවා

පාප බැහැර විසුමට ඔඛෙ එළිය නිති ලැබේවා
අයහපතින් මුදන්න අප නිති ඔබ සැරදේවා

රජය බලය මහිමය නිති ඔබටම සතු වේවා