← Hymns දේව මෑණියන්ට ගී

සුනිමල් උපත ඔබේ

පුන ගැයුම:

සුනිමල් උපත ඔබේ
ලොවැ එක පෙහෙළියනේ
නිමලින් මව් කුසැ ඔබ පිළි සිදුණෝ
සුපුගේ හිස පාරා
ඒවගෙ දොස ද වරා

නිමලින් පිළිසිඳැ ගත් මහිමේ
සඳහා උලෙළෙකි සී වසරෙ
ඔබ නම සමරින් පසසින් පිපෙමින්
මුළු ලොව සැනැහේවා
හේළි සබේ දිනෙවා

පුතුන් මරණෙ පෙරැ නිමිත්තනේ
මරියා කුමරිය මිනිස් කුලේ
පොදු හැවුමට හෙම නො අසුවැ රැකුණේ
ආවේ නිමල් වතී
නමදිමු මව් කුමරි

තරු කිරුළෙකි දිළෙනා සිරසේ
පුන් සඳ පා පිසි ලෙසින් දිසේ
හිරු ගත පළඳින් සුදිලී බැබැළී
සැරැදේ පබාවතී
හේළි හෙළේ මෑණි