වේවා මා මාතාට
පුන ගැයුම:
වේවා මා මාතාට වේතෝත්‍රා සදාකාලේ
මාගේ මාතාගේ දෙපාදේ හී වේවා ආලේ
මෙසියස් හට මවමෙන් සිටිනට බෝ ලිය යැදුමෙන්
වම් මේ නිති යැදුමෙන් යැදි ඇයගේ දැසි වනමෙන්
ඔබගේ අති අගනා බැහැපත් වූ ගුණ ලෙසිනා
අපි මේ ලොව වසනා ලෙස යදිමූ මව් කරුණා
මෙබදු ලඳ සොබනා දෙව් තුමගේ මව් වෙමිනා
දිළිදු අප පෙමිනා පිළිගත්තේ දරු ලෙසිනා
අහො මේ මොන පුදුමේ දෙව් මව් මා මව්උන මේ
මට මේ කොයිතරමේ සතුටක් සහ වෙද මහිමේ
මෙ මගේ මව් කරුණා මෙච්චරතුම් වන බැවිනා
මෙමගේ දිවි තිඛෙනා තුරු නොයමී මව් වෙතිනා