← Hymns දේව මෑණියන්ට ගී

දකිම් මගේ මවුන්

දකිම් මගේ මවුන් සුරපුරෙ දිනේක
මිදි මෙලෝ දුකින් වසම් නිතී තුටින්

පුන ගැයුම:

සුරපුරෙ නිතින් දකිම් මගේ මවුන්
සුරපුරෙ නිතින් දකිම් මගේ මවුන්

දකිම් මගේ මවුන් සුර සිරින් දිලේමින්
වසයි නිතී සැපෙන් පුතුන් ලඟා තෙදින්

දකිම් මගේ මවුන් හිරු රැසින් පැළඳී
තරු සිරින් දිසී සුරලොවේ දිළී

දකිම් මගේ මවුන් සුර දනන් මැදේහි
දිව කිරුල් දැරි වසයි සුපින්වතී

දකිම් මගේ මවුන් රුසීරු ඒතුමීගේ
සිරි බර දෙපා සිඹීම් සැම කලා