← Hymns දේව මෑණියන්ට ගී

නමෝ මරිය රාජිනී

නමෝ මරිය රාජිනී දයාවේ මාතෘනී
සවන් දෙනු කුළුණෙනී මා යාච්ඥා ප්‍රේමෙනී
මා යාච්ඥා ප්‍රේමෙනී මා යාච්ඥා ප්‍රේමෙනී
සවන් දෙනු කුළුනෙනී, මා යාච්ඥා ප්‍රේමෙනී

දයා බරිත, මව් සුරා ලබා දෙන් දෙව් වරා
මා ජීවිතාන්තිමේ තුරා විසීමටා තිරා
විසීමටා තිරා විසීමටා තිරා
මා ජීවිතාන්තිමේ තුරා විසීමට තිරා

ප්‍රශංසනීය මාතෘනී ලබා දෙන් පිහිටෙනී
නසින්නටා දෙව් ප්‍රේමෙනි ඉෂ්ට ප්‍රසාදෙනී
ඉෂ්ට ප්‍රසාදෙනී ඉෂ්ට ප්‍රසාදෙනී
නසින්නටා දෙව් ප්‍රේමෙනී ඉෂ්ට ප්‍රසාදෙනී

නමෝ මරිය කී මෙදී ප්‍රසාදයෙන් සැදී
ඔබේ උදව් ලබා ලැදී මරණ වේලෙදී
මරණ වේලෙදී මරණ වේලෙදී
ඔබේ උදව් ලබා ලැදී මරණ වේලෙදී