සිහිවෙනවා සිහිවෙනවා
පුන ගැයුම:
සිහිවෙනවා සිහිවෙනවා නිතොර දෙවේලේ මට සිහිවෙනවා
ඔබ ගැනැ ඔඛෙ පුත් ජේසු තුමා කියාපු විසිතුරු විස්ම කතා
සගවැසි පියාණනේ, ඔබ මට සිහිවෙනවා
පියාගෙ වග තුග මට අදුනා දෙන්න හිතා ඔබ කීව කතා
ජේසුනි කොතෙකුත් සිහිවෙනවා සග වැසි පියාව මට පෙනෙනා
බාල අකීකරු පුතා එදා පියාව අත්හැර දමා ගියා
උපමාවක් ලෙසැ මා සඳහා කීව වගේ ඒ මට හැඟෙනා
පියාව අත්හැරැ දමා ගියේ ඈත්වෙලා දුර රටකට නේ
ඒ මේ සසරෙ® දුර කතරෙ® තතු මට හොඳ හැටි වැටැහෙන්නේ
පුතාට වුණු දේ මටත් වුණේ මොනව හොයා මා මෙහි ඉන්නේ
ඉසුරු කියා මා මෙතෙක් අනේ සෙව්වේ වසුරුයි මගේ පියේ
පුතා එදා හොඳ සිහිය ලබා පියාද ගෙදර ද සිහිකෙරුවා
ඇයි යන්නේ මා මෙහි මැරිලා නැගිටිම් යමි මම් පියා සොයා
මේ සසරෙන් මම මිදි කෙදා එමි ද පියේ ඔඛෙ වහල සොයා
මා එනතුරු ඔබ සුසුම් හෙළා ඇස් දිගු කැරැගෙනැ සිටිති බලා
කවදා ඔබ මගෙ ඛෙල්ල බදා හාදු දිදි පිළිගන්නේ මා
මුදුවක් ඇඟිල්ලෙ මගේ දමා මගුල් ඇදුම මට පොරවාලා
සදාකාල මංගල මේසේ බොජුනට මා ළංකැරැ ගන්නේ
දීනොදකින දේ මා අදහන්නේ, අදහන දේ මා දැකැගන්නේ
ළැමේ එදා ආබ්‍රහමුන්ගේ දු ප්පත් ලාසරු ලැගුණ වගේ
ඔබගේ තුරුල්ලෙ මගේ පියේ සැතපෙන්නට මට කවද ලැබේ
ඔබයි මගේ හොඳ තාත්තනේ, මගේ මැ ගැළැවුම් ගුරු සමිඳේ
සුදත් සුරිදු මගෙ අසුවැසුමේ තියෙක දෙවිදු මගෙ ආනන්දේ