සිඹිමුව ඔඛෙ සිරි පා කමලා
සිඹිමුව ඔඛෙ සිරි පා කමලා
බඳිමුව ඔඛෙ ගෙල දෑත වෙලා
වඳිමුව කැකුළු නෙලා පුදලා
ඇති විලේ කැලේ පිපිලා
පුන ගැයුම:
අප පෙම්බරියේ කුමරිය මරියේ
නොමඳින සිරියෙන් ඔබ පිරියේ
ඔඛෙ උයනේ අපි කොඳ කැකුලූ
මවෙ අපි සැම ඔබේ ගෙලේ පබලූ
ඔඛෙ සළු පොට ගෙන අප ඔතලා
දෙවි පුතනුට අප පුද කරලා
ඔබ ළඟ අසුනක නංවාලා
සුර පුරෙ දමා මාලා