පැනිබර වන මල්
පැනිබර වන මල් අතුමිණි දැදිරිව
පිනිබර හිමිදිරියේ
මල් ලොවැ රැජිණිය ඔබ බව පවසයි
ලෝක දයාබරියේ
මිහිකත වටකොට සත්මහ සමුදුර
සෝදන දිය සරියේ
ඔබමය රැජිණිය ඔබමය රැජිණිය
ඔබමය මව් මරියේ
පුන ගැයුම:
මල් ලොවැ මංගලියේ
ලෝක දයාබරියේ
ලෝ කිරිටය ඔඛෙ හිස මත තබමින්
නමෝ නමෝ මරියේ
පව් බර අප වෙත මව් පෙම් වඩවා
කරුණා නයන හෙලා
දිරි ගන්වනු මැන අප සිත් දින දින
ඔඛෙ පුත් රුවන බලා
නිති සරණය දෙන මරි මව කඩ නොව
නංවන අසිරිවලා
රැජිණිය රැජිණිය සලසනු රැජිණිය
අප වෙත එන්න ගලා