සාගරෙ තරුවෙනී
සාගරෙ තරුවෙනී සගයෙ දොරටු යතුරෙනී
සාමයේ ලකුණෙනී දවිදු ගොතිරෙ කිරුළෙනී
ලෝ විලේ සොවගිනී තැවෙන සතට කුළුණෙනී
සරණ වෙනු මැනේ මවේ නමෝ මරියනී
පුන ගැයුම:
පාපි සරණයේ දේව දිනිතියේ
අපට මෙලොවැ ඇති සැපේ ඔබ පැසසුම වේ
ආදියේ පිය මවූ දෙදෙන හට මැ උරුමවූ
සාපයේ සතුරු වූ සපුගෙ සිරස සිඳලැවූ
මෑණියේ පෙමැති වූ පවිටු සතට සග සෙවූ
සිඹිමි ඔබ දෙපා පියුම් නමෝ මරියනී