← Hymns සමුගැනීමේ ගී

සාමය දුන්නේ

සාමය දුන්නේ නිති රැක ගන්නයි
රැකගෙන දස අත පතුරා ලන්නට
අත දෙනවා

ජේසුගෙ සාමය හිතට තුරුළු කර
ගම බබළන්නට රට බබළන්නට
අපි යනවා

ළමා වයසෙ අපි හොඳින් ඉගෙන ගෙන
රටටම වැඩ ඇති. එඩිතර සිත් ඇති
අය වෙනවා

අත් වැල් බැඳගෙන, සතුට ඛෙදා ගෙන
ජේසු කැටුව දැන්, අපේ ගෙවල් වෙත
අපි යනවා