සඳහම් දැහැමින්
සඳහම් දැහැමින් ඇදහුම් සුවඳින් මංගල ගී මතුවේ
මංගල දිනයේ මංගල ගීතය සිරි සිරියා පතුරා
ලස්සන සැරසිලි කොඩිවැල් ලෙලදේ මංගල ගී නාදේ
හදවත ලස්සන පිබිදෙන දිනයක් වේවා සැමට මෙදා
පුන ගැයුම:
වාසනාවයි සිරියාවයි දහම් අමාරස මිහිරාවයි
සැමහට මංගල වේවා
අප මංගල දිනයේ සමිදුගෙ සෙනෙහසිනේ
එකමුතු මුතුහර දහමින් ඔපකර වපුරමු දෙරණ පුරා
දහමේ එළියේ වනසමු අවගුණ සදහට අප අතරින්
කිතු බැති සඳහම් දරුකැල අපි වෙමු දහමේ පෙරුම් පුරා
මංගල සිරියෙන් සරසමු ගම් බිම් දැහැමින් දිවිය ගෙවා
දුගියන් මගියන්දුප්පත් පොහොසත් එකටමැ දෙවිදු වැදා
සමිදුගෙ දරුමෙන් දෝතින් දෝතට මංගල සිරිය පතා
හදකින් හදකට වතකින් වතකට සෙනෙහස පවසාලා
සමිදුන් පතනා ආදර ලෝකය අපි දැන් බිහි කරමු