අප දිවි දෙරණට
පුන ගැයුම:
අප දිවි දෙරණට, ආසිරි වැසි ඉස මල් ඵල ඇති කරනා
සමිදුනි ඔබටයි අප හද කුසුමන් බැතියෙන් සුවඳ වෙනා
ජීවිත ආකරයේ හැකියා මිණිමුතු වේ //
මතුකොට ඔපලා
ඔබ මග ගෙන එමු ලොව දියුණුව සපුරා
ලෝ උයනේ මනරම් රස ඇත නෙක විලසින් //
විහඟ කැලක් මෙන්
ඔබ පසුපස එමු විමුක්ති පහස ලබා
ලෙඩ දුක් කටු ඇණුනත්, පැරදුමෙ ගලෙ හැපුනත් //
කදුලැලි අතරින්
ඔබ හා හිනැහෙමු ජීවිත සතුට ලබා