කිතු සමිදුන් ජය දද
පුන ගැයුම:
කිතු සමිදුන් ජය දද සෙවනේ
එකමුතු වෙමු අපි භේද වරා
මිතු දහමින් බැෙඳමින් දෙරණේ
පියලමු දැය බැති කීල අරා
පෙරලෙන පස මත අස්වනු පීදෙන
සරුබව ඔබ සමිඳේ සමිඳේ
පිබිදෙන පියුමක රොන්රස වෑහෙන
අරුමය ඔබ සමිඳේ සමිඳේ
දිවමන් සතුහිමි සේම පෙරට යමු
යුතුකම් නිති පහදා පහදා
අභිමන් සිරිලක ලොවම පසිදු කර
කිතුනම එහි රඳවා රඳවා
ගුණ දම් සුරකිනු නෑර පැරණි කර
මුරුන් නැමද සැමදා සැමදා
සැනසුම් ලොවකට පාර සදමු අපි
අලස නොවී නොනිදා නොනිදා