← Hymns සමුගැනීමේ ගී

සමිදුනි ලස්සන

සමිදුනි ලස්සන ලොව ඔබගෙයි
විශ්වය මුළු මෙන් ඔබට නතුයි
මනු හදවත් ඔබ වෙතට ඇදෙයි
හැම ඔබගෙන් බැව් සිතට නැගෙයි

පුන ගැයුම:

පැසසුම් වේ පැසසුම් වේ
පැසසුම් ගී තුති ඔබට පිදේ

ඔබ පුත් කුමරුන් ලොව එවලා
මේ මගෙ පි්‍රය පුත් යයි කියලා
ඉටු කර ගිවිසුම පෙම් පාලා
අසරණ මා හට අත දීලා

දෙව්පුත් මිනිසත් බව ගත්තා
අප පව් බර කර පිට ගත්තා
කුරුසිය පිට තම පණ දුන්නා
යලි මගෙ ජීවිතෙ පණ ගත්තා