සාමයෙ මිහිර ඛෙදා
පුන ගැයුම:
සාමයෙ මිහිර ඛෙදා දෙන්නට ලෝකෙ පුරා
සමිදුනි මා ඔබගේ දෑතේ ආයුධයක් වේවා
වෛරය අසමගි තැන් සොයලා ප්‍රේමය සමගිය එහි යොදලා
විශ්වාසය මද තැන් සොයලා බලාපොරොත්තුව ඇති කරමූ
ශෝකය ඇති තැන සැනසුම ලා අදුරු තැනට ආලෝකය ලා
සොවින් පිරුණු තැන් මකා දමා සොම්නස එහි අපි ඇති කරමූ
සැනසුම අප පතනවට වඩා අනුන්ව නිතරම සනසව ලා
තේරුම් ගනු ලබනවට වඩා තේරුම් ගනිමින් දිවි ගෙවමූ
සැම අය හට අප ඛෙදන ලෙසේ අපට ද එලෙසම ලැඛෙනවනේ
මරණින් මතු අප ජීවිතයේ අප දිවි ගෙවනෙමු ලකුණක් සේ