← Hymns සමුගැනීමේ ගී

දෙවිදුන් ගෙන්

දෙවිදුන්ගෙන් වෙන්වූ විට
පයට ගැටෙන දූවිලි වන
මිනිසා මැයි මේ ඔබ පසසන්නේ

දෙවිදුන් හා එක් වූ විට මැවිල්ලේම නිරිදා වන
මිනිසා මැයි මේ ඔබ පසසන්නේ

මිනිස් බවේ පටන් ගැන්ම අරමුණ ඔබ බව දන්නා
මිනිසා මැයි මේ ඔබ පසසන්නේ

(නත්තලට)
ගව ඔරුවේ වැතිර සිටින ඔබ දෙවියන් බව දන්නා
මිනිසා මැයි මේ ඔබ පසසන්නේ