← Hymns සමුගැනීමේ ගී

තුති පුදම් ඔබට සමිඳේ

පුන ගැයුම:

තුති පුදම් ඔබට සමිඳේ
මුළු හදවතින් මගේ
මගේ මියේ බස් ඔබ ඒ ඇසුවෝ
සුරදූවන් හමුවේ
පුදම් ඔබට තුති ගී //

ඉදිරියෙ ඔබගේ දෙව් මැදුරෙ
මුහුණින් සිටිම් වැටී
පෙරැ කිසි කලෙකත් නොඇසු විරූ
ඔඛෙ හිතවත්කම් සෙනේ නිසා
පුදම් ඔබට තුති ගී //

ඔබ හට මා අඩ ගැසූ දිනේ
මට පිළිතුරු දුන්නෝ
හිතේ සවිය මගෙ ඔබ වැඩුවෝ
ඔඛෙ බස.සා රජවරු පොළොවේ
පුදති ඔබට තුති ගී //

උසස් නමුත් සමිදරුවාණෝ
පහතුන් විමසන්නෝ
සිතින් උඩගු වුවන් එතුමෝ
ඈත හිටන් අදුනාගන්නෝ
උන් අදුනාගන්නෝ //