← Hymns සමුගැනීමේ ගී

තුති ප්‍රශංසා වේ

පුන ගැයුම:

තුති ප්‍රශංසා වේ // ආලේලූයියා
නිරන්තරයෙන් තුති ප්‍රශංසා තුති ප්‍රශංසා වේ

හැඩක සේයා සිතන්නට බැරි
රළු ගලක් මෙනි නෙළන්නට බැරි //
සමිදු හස්තය වැදුනු සැනෙකින්
විශ්ම පත්වෙමි වෙනස් වූ සැටි

මැටි පිඩක් මෙනි සමිදු දෑතේ
පෑව පෙළහර ඔවුන් හමුවේ //
නව රුවෙකි මා ඔහුට රුචි ඒ
අරුම බලනුව සුදත් බලයේ

ලොවේ දෑසට සක් සුදක් සේ
සමිදු නිමැවුම ඔහුගෙ මහිමේ //
වාසනා මම ලදිමි මෙලෙසේ
අඹනු ලැබුමට නිමල දෑතෙ