දෙවිදුන් හදුනන්නේ
පුන ගැයුම:
දෙවිදුන් හදුනන්නේ
සතුටින් අපි ඉන්නේ
අප යන මඟ දන්නේ - කිසිමදා
නැත එය වරදින්නේ
මව් පියනට අවනත වන්නේ
වැරදි මඟක නැත අපි යන්නේ //
උඩගුව දුරුකර හොඳ ගුණ ගරු කර
දින දින අපි ජීවත් වන්නේ
කිසි විට නැහැ බොරු ජය ගන්නේ
ඇත්ත කියන්නයි පෙළඹෙන්නේ //
වරද දුටුව තැන පෙන්වා දෙනු මැන
තුති දී අපි එය පිළිගන්නේ
දුක් කරදර අපටත් එන්නේ
ඒවා සතුටින් පිළිගන්නේ //
කිතු සමිදුන් තුළ ජීවත් වන කල
අපි නැහැ කාටත් බිය වන්නේ