← Hymns සමුගැනීමේ ගී

තණ්හාවෙන් බොඳවූ

පුන ගැයුම:

තණ්හාවෙන් බොඳවූ පැරණි ගති
මුල් සිඳ සැණෙකින් ඉවත දමා
නව ජීවනයේ ලකූණු පැළඳගෙන
පිය නංවමු නව මඟෙහි අමා

මිස දිටු අව ගති දුර හැරදා
දෙවිදුන් වෙත නෙත් සිත් පහදා
දෙව් වරමින් පව් මළ පිසදා
පිරිසිදු වමු කෙළෙසුන් පරදා

අවිදු අදුර ගත සිතෙහි වෙළී
අපේ ගුණ දහම් පහත හෙළී
විලි බිය අප හැර ඉවත බැලී
සුමඟට පිවිසෙමු හනික යළී

වමු අපි කිතුහිමි ගුණ ඇසුවෝ
මතු නොවැ එතුමන් අනුවැ ගියෝ
වදහළ සදහම් මඟ දුටුවෝ
විමුක්තියේ උරුමය ලැබුවෝ

බොරු ගතු කේලම් ඉවත දමා
මුව සරසා සත් බසින් අමා
මෙත් සිසිලෙන් කෝ ගින්න නිවා
සොහොයුරු පෙම තරකරමු සැමා