← Hymns සමුගැනීමේ ගී

තෙදැති ඔද ඇති

පුන ගැයුම:

තෙදැති ඔද ඇති දේව රජිඳේ,
නිතින ඔබ ලොව සැරදේවා
සදාතනික වූ ඔබේ ප්‍රේමෙන්
මෙලොව ජනයා ඉපිලෙවා

තිලෝ අධිපති මැවුම් කරුණේ
තිලෝ සතගේ මිදුම් කරුණේ
මගද සත්‍යද ජීවයද වන
ඔබ පසසමු නිතින සැම තැන

පවිටු අප පව් කමා කරලන
සෑම සිත් තම පෙමින් පුරවන
සාම පී්‍රතිය ලොවට ගෙන දෙන
ඔබ දිනේවා සදා සැම තැන

නිතර අප සමගින්ම වසනා
අවැසි යහපත් සැම සපුරනා
දිවිය අපගේ සදා සරුකළ
ඔබ දිනේවා සදා සැමතැන