← Hymns සමුගැනීමේ ගී

දෙවි පිය සමිඳේ

පුන ගැයුම:

දෙවි පිය සමිඳේ
නිරතුරු ඔබ මා සුරකින බව
මම අදහමි සමිඳේ

බලන්න නිල්වන් අහස් ගැබ දෙසා
කුරුළු කොඛෙයියන් ඉගිලෙනවා
රැස්කරන්නෙ නැහැ අටු කොටු වල උන්
රැකෙන්නෙ සමිදුන් ගෙන් සැමදා

උදයට පිබිදී සවසට පරවන
පියුමට ලස්සන දෙන සමිදා
රාජ කිරුළ හිමි නිදු සලමොන්වත්
නැහැ සැරසුනෙ මේ කුසුම ලෙසා

නොවනු කනස්සලු හෙට ගැන අද දින
කුමක්ද ඇඟලා ගන්නෙ කියා
දෙවි පිය සමිදා දනිති අවැසි දේ
අදහනු එතුමන් කෙරෙ නොබා

කුරුළු කොඛෙයියන් සුරකින සමිදා
කුසුමට ලස්සන දෙන සමිදා
සුරකිති ඔබ ඒ සැමට උසස් කර
එතුමන් දෑතෙහි ඔබ රන්දා