සාමයේ ජීවිත මඟ
සාමයේ ජීවිත මඟ වෙත
මා යොමු කළ මැන ස්වාමිනේ
ජාතිය කුලය නිසා නොඛෙදී
මානව බැතියෙන් එකමුතුවී
රටතුළ සමගිය ගොඩ නංවන්නට
දෙන්නැ වරම් ඔබගේ
පුන ගැයුම:
සමිඳේ අප ගුරු දෙවිඳේ
ඔබේ සැබෑ දහම් මගේ
පිය නංවමු නිබඳේ
ප්‍රේමයේ ජීවිත පිළිවෙත
දිරි ගන්වනු මැන ස්වාමිනේ
මුදු කරුණා ගුණයෙන් තෙත් වී
මෙත් මුදිතාවෙන් පිරිපුන් වී
මනු සත් වගට මැ සෙත් සලසන්නට
දෙන්නැ වරම් ඔබගේ
සේවයේ ජීවන මං පෙත
හෙළිකර දෙනු මැන ස්වාමිනේ
පීිඩිතයන් සිත සැනසුම දී
නැති බැරි අයහට අත හිත දී
ජන සෙත උදෙසා ඇප කැප වන්නට
දෙන්නැ වරම් ඔබගෙ