← Hymns මුනිවර ගීතිකා

 


සාන්ත ආනා මෑණියනේ
ඉර උදාවනු වගේ දින දිනේ
අප කෙරෙ දින දිනේ පා සෙනේ
ඔඛෙ අතේ අප තබා ගනු මැනේ

පුන ගැයුම:

මංගලී මංගලී සාන්ත ආනා මංගලී
ඔබ අපේ රැකවලී මංගලී
මංගලී මංගලී සාන්ත ආනා මංගලී
මංගලම් මංගලම් මංගලී

දෙව් මවුන් ඔඛෙ අතේ ගෙන හොවා
නොකැලලී ලෙස සැදූ ලිය කුලේ
ඔඛෙ අතේ අප තබා ගනු මවේ
ඇගේ කුලේ අප සදා ගනු මැනේ

ඒ දිනේ වට පිටාවේ ඔබේ
කිත් සිරින් සැරැසිණි ජීවිතේ
කොත් තැනූ මාලිගා විය එදා
මිණි මුතුයි රන් රිදියි දිලිසිණි

ලක්සනයි ලක්සනයි ලක්සනයි
ඇගේ දුවයි මුතු මවයි ලක්සනයි
අප සදා ගන්න ඒ දුව වගේ
සාන්ත ආනා මෑණියනේ