← Hymns පිදීමේ ගී

සාදුකාර දී

පුන ගැයුම:

සාදුකාර දී යමු පා ගමනින්
සමිදුන් හට පුද පඩුරු අරන්
බැති ගී ගයමින් සදහම් පුරමින්
අප හදවත් සැම ඉරා දමන්

සමිදුනි ඔබ වෙත අප එන්නේ
ජනතා වැගුරුම් සමඟින්නේ
රූරා හැලෙනා කදුළු ද ඩා බිදු වෙහෙස මහන්සිය
ඔබ පුදසුන වෙත ගෙන එන්නේ

සොහොයුරු ගුණ ගරු බව දන්නෝ
එකමුතු මුතු වැල් අමුණන්නෝ
පුදසුන වෙත එන අප නිවැරදි කර පිවිතුරු දිවියේ
දිවි රැල්ලට හසු කර වන්නෝ

මගෙ දෙවියෝ ඔබ මගේ පියා
මගෙ නම කියමින් හඩ ගසනා
ඔඛෙ හදවත මගේ ලැගුම් පලක් කර සදහම් ගමනේ
පියමංකඩ වෙත ගෙන යන්නා