← Hymns බොදුන් ගී

සමිෙඳ ඔඛෙ කූඩාරමේ

පුන ගැයුම:

සමිෙඳ ඔඛෙ කූඩාරමේ සැරිසරන්නෝ කවුරුදෝ
ඔබේ පිවිතුරු කදුකරෙ පා තබන්නෝ කවුරුදෝ

හිතේ කිළුටක් නැතිවැ හැසිරෙන්නෝ
යුක්ති සහගත දෙයට හිත දෙන්නෝ
නොවක් හිතෙකින් ඇත්ත පවසන්නෝ
අනුන් අවමන් දිවෙන් නොකියන්නෝ

සොහොයුරන් හට නපුර නොපතන්නෝ
අනුන් හොඳ නම කිළිටි නොකරන්නෝ
සියලු දුසිරිත් කෙරෙන් දුරුවන්නෝ
සුසිරිතට නිරතුරුවැ හිත දෙන්නෝ

මුදල් දී ගිනි පොලී නොකරන්නෝ
අල්ලසක් ගෙන අනුන් නොපෙළන්නෝ
අහිංසකයන් පෙළා නොතළන්නෝ
නිෙදොස් අය පිටැ වරද නොතබන්නෝ

කුරිරුවන් අත දුරින් දුරලන්නෝ
සමිදු ජන බුහුමනින් සලකන්නෝ
සමිදු බාරය පැහැර නොහරින්නෝ
මෙබදු අය මැයි වාසනා ලද්දෝ