මිතුරනට වගේ
පුන ගැයුම:
මිතුරනට වගේ සතුරනට ඔබේ පෙම් කරන්න
එයයි දේව දරුකමේ අගේ //
දමිටු අයට මෙන් අදමිටු දනට දෙවිපියා
උදා කරන සැටි හිරු සදු බලව් නෙත් අයා
සුදනන් හා දුදන අතර වෙනසක් නොතකා
වැසි පල දෙන සැටි සලකව් සමව පා දයා
හිතැති අයට දයා ගුණය පෑම පහසුවේ
කව්රුනට ද කලහැකි ඒ අරුමයක් නොවේ
පෙම් කිරිම ඔබට වෛර කරන අය කෙරෙ
උසස් මිනිස් ගුණයකි ඉන් විපුල පල ලැබේ
සතුරන් හට සාප නොකර සිටිනු එය අගේ
පතනු ඉත සිතින් වෙනසක් ඔවුන් දිවි මගේ
දැහැමියාව රජ යන්නට ඔවුන් හද ගැබේ
යදිනු මැනවි දෙවි සමිදුන් සැනසුමක් ලැබේ
ලබනු පිණිසැ තුති පැසසුම් දන් දෙනු නොවටී
ගරු බුහුමන් ලබනුව සිල් රැකුම ද නොහොබී
සුරතින් දෙන දෙය වමතට හඟවනු නොසරි
රහසිගතවූ පින් දහමේ අනුසස් ඛෙහෙවී
,
ගැලවුම්කරු ජේසු තුමා කුරුසය මතදී
සතුරනට පවා දෙවිදුන් කමාව අයැදී
දකුණෙහි හුන් සොරා වරද පිළිගත් විටදී
ගිවිසූ සැටි සග සැප ඔහු හට පෙම් බස්දී
අසීමිතයැ මහ ගුණ කඳ දෙවි සමිදුන්ගේ
අසීමිතයැ අප වෙත පෑ පෙම එතුමන්ගේ
ඒ නිසාමැ දෙව්පිය දරු කැළ වන අපගේ
යහ ගුණ දම් සීමාකොට නොතැබිය යුතුවේ