← Hymns බොදුන් ගී

අරලිය නාමල්

අරලිය නාමල් නොපිපෙද්දී
අතු අග පලතුරු වියලෙද්දී
තෙල් දැරුමට තල බියවෙද්දී
බලාපොරොත්තුව තබා සිටිම්
සමිදුනි ඔබ මැ කෙරෙ
මගේ සවිය ඔබ වේ

කෙත්වතු අස්වනු නොම දෙද්දී
වන සිව්පාවුන් රජ වෙද්දී
හරක බාන මගෙ නැතිවෙද්දී
බලාපොරොත්තුව තබා සිටිම්
සමිදුනි ඔබමැ කෙරෙ
මගේ සවිය ඔබ වේ

යන මග තව තව රළු වෙද්දී
එහා තෙරක් මට නොපෙනෙද්දී
ගතේ සවිය මගේ පිරිහෙද්දී
බලාපොරොත්තුව තබා සිටිම්
සමිදුනි ඔබමැ කෙරෙ
මගේ සවිය ඔබ වේ