කිතු සමිදු සවිය
පුන ගැයුම:
කිතු සමිදු සවිය මා තුළ වනසේ
පිළිගනිම් දුබලකම් ඇති සැටියේ
එතුමන් පහන් වරම් ලැබේ නම්
මට ඒ හොඳටමැ සෑහේ
නොදනිම් මා නම් කිසිවක් සමිඳේ
දැනුම මගේ හුදු අඩමානේ
ඔබම යැ සියලුමැ දේ දන්නේ
බියෙන් සැකෙන් මා පසු වන්නේ
කීවොත් ඔබ මට ඒ මම.යි කියා
මගේ හිතට එයි දිරිය ගලා
බිය සැක ඉදුරා ඔබට බියේ
යනවා පසුබා නිසොල්මනේ //
නැත මට කිසි හැකියාවක් සමිඳේ
සුල මුල ඔබ හැම හැකියාවේ
මට බැරිවන විට ඔබ එන්නේ
අල්ලා ගන්නට අත මාගේ //
වෙවුලන අතපය ගැහෙනා මගෙ හද
ඔබ ඇති තැනැ නෑ සැසලෙන්නේ
අත ගැසුවොත් මට ඔබ සමිඳේ
නැගී සිටිම් මම් ඔදාරුවේ //
තිබුණත් දෙනුවන් මට නොපෙනෙන්නේ
විදැකුම් නුවණක් ම සතු නොවේ
ඇති නම් මා හට දෙනෙත් ඔබේ
අදුරෙ නැත මා ගැවසෙන්නේ //
ලෝකෙට ඔබ නේ මොරගා කීවේ
මම වෙමි ලෝකෙට ආලෝකේ
ඔබේ එළිය මට ඒ සෑහේ
ඔබ මගෙ සුලමුල සෑහීමේ //