← Hymns බොදුන් ගී

ඉඩ දෙන්නෙපා

පුන ගැයුම:

ඉඩ දෙන්නෙපා විශ්වාසයේ
පහන නිවී යන්න
අදුරෙ ගැලී යයි ජීවිතේ
අවදිවැලා ඉන්න

තෝමසුවන්ගෙ අවිශ්වාසේ
සුවකළ සැටි පුදුමෙකි සමිඳේ
ඔබේ වතට වත දුන් එදිනේ
හරි වැටහුම ඔහුටද ලැබුණේ

ඒ සවුවාණන් ළංවැ බියේ
තුවාල සියැසින් බලා ඔබේ
පෙව්වා අත පෙව්වා පමණේ
ඔහු සිත සංකා දුරුවැ ගියේ

බලව් බලව් හදවත මාගේ
කියමින් ඔඛෙ හදපට පෑවේ
සකල මිනිස් වග වෙත සෙනෙහේ
නොසිෙඳන පෙම පිළිබිඹු වූයේ

හෙල්ලෙන් විවර වූ තුවාලයේ
සඟවා ගනු අප හැම මොහොතේ
සමිදුනි ඔබ විඳි දෙතිස් වදේ
අපට විමුක්තිය ගෙන දුන්නේ