← Hymns බොදුන් ගී

පූජනීය ප්‍රේමයයි

පුන ගැයුම:

පූජනීය ප්‍රේමයයි ඔබේ සමිදුනේ
මගේ සදා විමුක්තියේ හිරු උදා කළේ //

දයා ගුණේ ඔබේ හදේ පිරිතිරි
ළයේ තුවාලයෙන් ගලා හැලේ නිරන්තරෙ
එදා සුවේ ලැබූ නෙතේ කතන්දරෙ
මැවේ මගේ නුවන් තිරෙ ම ජේසු ස්වාමිනේ

ඔබේ මුවින් දෙසූ වදන් අමා රසේ
මගේ සවන් දොරින් උරා ගනිම් උදේ හවා
එවන් දහම් ඛෙලෙන් කෙලෙස් මලින් මිදී
ඔබේ සනාදරෙන් නිවී ගෙවම් මගේ දිවී

එදා සමාරියේ ළිඳක් සමීපයේ
ළඳක් ඔඛෙන් පැතූ ලෙසින් මමත් පතන්නෙමී
පිපාසයෙන් මෙහී තැවී සිටින්නෙමී
මටත් පොවන්නැ ජේසුනී ඒ ජිවනේ ජලෙ