← Hymns බොදුන් ගී

පිපස නිසා

පිපස නිසා දියත සොයා
ලතැවෙනු ඇයි ඔබමොබ දුවලා
කිසිදු පිපසක් නොමවන ජලයක්
ඔබ හට පොවනට
බලා සිටිමි ඔබ එනතුරු මා

පුන ගැයුම:

සමිඳේ ඔබගේ වචනේ
අදහමි මම තරයේ //

කුසගිනි වී අහර සොයා
ලතැවෙනු ඇයි තැන තැන ලැගලා
කිසිදා කුසගිනි නොමවන බොදුනක්
ඔබහට කවනට
බලා සිටිමි ඔබ එනතුරු මා

බර උසුලා වෙහෙස වෙලා
ලතැවෙනු ඇයි සැනසුම සොයලා
කිසිදු වෙහෙසක් නොමවන සුවයක්
ඔබහට දෙන්නට
බලා සිටිමි ඔබ එනතුරු මා

අදුරෙ ගිලී එළිය සොයා
ලතැවෙනු ඇයි මග වැරදිලා
කිසිදු අදුරක් නොමවන පහනක්
ඔබ හට දෙන්නට
බලා සිටිමි ඔබ එනතුරු මා