← Hymns බොදුන් ගී

මල් ගොමුවල

මල් ගොමුවල දිය ඇලි ලඟ සෙව්වෙමි
කිමිදි දිය යට පියඹා ගුවන ද
සෙව්වෙමි මා කිතු සමිදු
නැත එතුමා දුටුවේ මා //

මව්පිය නෑ මිතු සරණක් නොමැතිව
අනාථ වී ඔබ මොබ දුවමින් යන
දරුවන් හා මඟ යනවා
මා දුටුවා කිතු සමිදා //

කුසිගිනි නිවනට අහරක් හිඟමින
රැය ගෙවුමට නිවනක් මග සොයමින
අසරණ වී සරණ පතා
අමතයි මා කිතු සමිදා //

වෙල් යායක ගිනි අව්වේ වෙහෙසෙන
රට දැය වෙනුවෙන් දහදිය වගුරන
කම්කරු හා ගොවි ජනතා
අතරට වී ඔබ සිටියා //

දයාව ප්‍රේමය රජයන සැමතැන
යුක්තිය සත්‍යය ඉටුවන සැමතැන
සතුටු සිනා මුවග නඟා
සිටි සමිදා හමුවිය මා //