← Hymns බොදුන් ගී

නැත මට තනියක්

පුන ගැයුම:

නැත මට තනියක් නැත මට හිඟයක්
සමිදුන් මා ලඟ සිටින තුරා
නැත මට සතුරන් ඇත මට මිතුරන්
සමිදුන් මා ලඟ සිටින තුරා

ගමන් කරන්නට මඟක් නැතිව මට
දහස් වාරයක් ලතවී සිටි මම //
යායුතු ඒ මග කි්‍රස්තුනි ඔබ බව
ඔබ හමුවීමෙන් අත් දැක්කෙමි මම

ජිවත් වූවද සමාජයේ මම
හදතුල මිරිකී මිය ගොස් සිටි මම //
හදපිරි සතුටින් එකමුතු කමකින්
ජිවත් වෙමි දැන් ඔබ හමු වූ මම

මගෙ හදවත පැලී ඉරි තැලිලා ඇත
සුවය ලබන්නට ආවෙමි ඔබ වෙත //
මොර දුන්නෙමි මම අදුරෙ සිටගෙන
ඔබ විය ආලෝකය මගෙ දිවියට