සමිදුනේ සමිදුනේ
පුන ගැයුම:
සමිදුනේ සමිදුනේ සමාවුව මැනේ
පාපයේ ඇලි ඇලී සිටින අපට සෙනෙහෙ පා
මරණයෙ බල බින්ද සමිෙඳ සමා වුව මැනේ
බොරුකතා පතුරුවා සොවුරු නාමෙ වැනසුවා
මාව මිදුව කිතිදු සමිෙඳ සමා වුව මැනේ
සිත යටින් කොදුරලා නරක සිතුවා සිත තුලේ
මාගෙ එකමැ සොවුරු සමිෙඳ සමා වුව මැනේ
මව්පියන් රිදවලා නරක ඇසුරෙ මම වෙලී
කරන කියන වැරදි වලට සමා වුව මැනේ
අසල්වාසි දියුණුවනවා බල බලා සිත යටින්
නරක හිතින් විනකලාට සමා වුව මැනේ