← Hymns මෙනෙහි කිරීමේ ගී

සමිදුන් වෙත මගෙ

පුන ගැයුම:

සමිදුන් වෙත මගෙ හද යන්නේ
එතුමන් සොයමින් වෙසෙසෙන්නේ
අන් දෙයකින් නිති සැප නැත්තේ
සමිදුන් ඇති තැන සැනසුම වේ

අහෝ දෙවිදුනී ඔබ මාගේ දෙවිදාණෝය මම ඔබ සොයමී
මාගේ ආත්මය ඔබ කෙරෙහීි පිපාසයෙන් පසුවේ

ඔබගේ ප්‍රේමය ජීවිතයට වඩා අගනා නිසා
මාගේ තොල් ඔබට ප්‍රශංසා කරන්නේය

ඒ නිසා මාගේ ජීවිතය මුළුල්ලේ
ඔබ තේජස ප්‍රකාශ කරමි
ඔබ නම අයදුමින් මගේ අත් ඔසවමි

පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට
දැනුත් සදහටත් තුති ප්‍රශංසා වේවා