අපෙ ගත සිත
පුන ගැයුම:
අපෙ ගත සිත සමිදුට කැප කරමු
අපෙ පඩුරුද තිළිණද පුද කරමු
මහත් දුකින් පෙළෙමියි, කී සඳ පවා
සමිදුන් වෙත විශ්වාසය තැබුවෙමි
සමිදාණන් මා වෙත දැක්වූ කරුණා ගුණ නිසා
මා එතුමන්ට කෙසේ තුති දෙම්ද
ගැලවීමේ කුසලාන ඔසවමින්
සමිදුන්ගේ නාමයට හඩගසමි
මම ඔබට තුති පඩුරු පුදමි
ඔබගේ නාමයට නිති හඩගසමි
පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට
දැනුත් සදහටත් තුති ප්‍රශංසා වේවා