← Hymns මෙනෙහි කිරීමේ ගී

දයා ගුණ කඳේ

පුන ගැයුම:

දයා ගුණ කඳේ සමිදුණන්ගේ
සතත කල්හි ඒ පවතින්නේ
ආලේලූයියා ආලේලුයියා

සමිදුන් ගුණ කඳක් නිසා සිටිව් තුති පුදා
දෙවිවරුන්ගේ දෙවිදුන් හට සිටිව් තුති පුදා
හිමිවරුන්ගේ සමිඳෝ වෙති සිටිව් තුති පුදා
එතුමන් ඇරැ විස්කම් පෑ කෙනෙක් නැත කෙදා

අහස් කුසේ එතුමන් නැණ මහිමෙන් සැදුවෝ
මුහුදු පතුලෙ පොළව තරයෙ පිහිටුව ලූවෝ
මහා එළිය මණ්ඩලයන් එතුමෝ මැව්වෝ
හිරුට දවල හඳ තරු හට රෑ පැවැරූවෝ

අප සතුරන් අතින් අපව උදුරා ගත්තෝ
පණ ඇති හැම සතුන් හටම අහර සැපෙව්වෝ
සග වැසි අප දෙවි සුරුනට නමව් තුති පුදා
එතුමාණන් දයාව නිති කල්හි පවතිනා