මගෙ හද සමිදුන්
පුන ගැයුම:
මගෙ හද සමිදුන් වෙතට ඇදේ
එතුමන් තුල ජිවනය ඇතේ
සැනසුම නිති සැප දෙවිදු වෙතේ
කවදා එතුමන් දැක ගන්නේ
ගලන දියට ආශාවෙන් පෙළෙන මුවකු ලෙසින්
දෙවියනී මාගේ ආත්මය ඔබවෙත ඇදී එන්නේය,
ජීවමාන දෙවියන් කෙරෙහී
මාගේ ආත්මය පිපාසයෙන් පෙළෙන්නේය
මට කවදා දෙවිදුන්ගේ මුහුණ
දැකගන්නට ලැඛෙන්නේද
දෙවිදුන් කෙරෙහි බලාපොරොත්තු වන්න
මම තවම ගැලවුම්කාර දෙවිදුන්ට ප්‍රශංසා කරමී
පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට
දැනුත් සදහටත් මහිමය වේවා