← Hymns මෙනෙහි කිරීමේ ගී

සමිදුන් ජනතාවේ

පුන ගැයුම:

සමිදුන් ජනතාවේ
අසව් අසව් හොඳ හැටි කන්දී
ඔබ අමතා යළි යළි අමතා
කියති මෙසේ සමිදරුවාණෝ

මම වෙමි ඔබව මවා ලූවෝ
මම වෙමි ඔබව හදා වැඩුවෝ
මම වෙමි ඔබව මුදා ගත්තෝ
නොපැකිළැ සිටිව් නොබා

ගතිමි ඔබව මා ළඟට ඩගා
ඔඛෙ නම කියා කියා අඩගා
ඔබයි ඔබයි මා සතු උරුමේ
ඔබ මගෙ අයිතිය වේ

මම වෙමි ඔඛෙ සමිදරුවාණෝ
ඔඛෙ පරමත් දෙවිසුරාණනෝ
සුවිසුදුවෝ මගෙ ජනයාගේ
මිදුම් කරුවො ඔබගෙ