← Hymns මෙනෙහි කිරීමේ ගී

අරකිනු මා අරකිනු

අරකිනු මා අරකිනු දෙවිඳේ
ඔබ මට කෙම් බිම වූහ මගේ
දෙවියනි ඔබ වෙති මගෙ සමිඳෝ
මගෙ සැපතේ සුල මුල ඔබවේ

පුන ගැයුම:

උරුමේ කොටස මගේ
විත මගෙ ඔබ සමිඳේ
ඔබ ළඟැ ඇසුරෙ සුරතේ හෙවණේ
මගෙ තොස ආනන්දේ

එතුමන් දෙස් ගතවුන් සඳහා
විස්මකුරුයි සැලැකුම් ඔබ පෑ
ඒ හිතවත් පින්වතුන් නිසා
මගෙ හැම අසා පිරි මැසුණා

උරුමෙ කොටස මගෙ විත සමිඳෝ
මගෙ අයිතිය ඔබ නිති රක්නෝ
රමණි පෙදෙස් මට වෙන් කෙරුවෝ
යස තැන් මට හරි කැරැ දුන්නෝ